World

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති.

ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එලෙස එම වෙබ් අඩවියට පිවිසුණු බව ඔවුහු පැවැසූහ.

ඉරානයේ හැකර්කරුවන් පිරිසක් යැයි පැවසෙන එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.

එම වෙබ් අඩවිය ඇමෙරිකානු පුරවැසියන්ට රජයේ ප්‍රකාශන කිසිදු වියදමකින් තොරව ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. වෙබ් අඩවියේ නම වෙනස් කිරීමෙන් පසු ඔවුන් එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

“සුලෙයිමානීගේ වසර ගණනාවක අසමසම කැපවීමේ ප්‍රතිඵලය ප්‍රාණත්‍යාග” යැයි සඳහන් කරමින් හැකර්කරුවන් රූප සටහනක් නිර්මාණය කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපතිවරයාට අත මිට මොළවා පහරක් එල්ල වන අයුරු ද දක්වා තිබිණි. ඊට යටින් ඉරාන මිසයිල ද එම රූප සටහනට එක් කර තිබිණි.

“ඔහු නික්ම ගිය නමුත් දෙවියන්ගේ බලයත් සමඟ ඔහුගේ රාජකාරිය සහ මාර්ගය අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ ලෙයින් සහ අනෙකුත් විරුවන්ගේ ලෙයින් දෑත් අපවිත්‍ර කරගත් අපරාධකරුවන්ගෙන් පළිගන්නවා” යැයි ද එම රූප සටහනේ දක්වා තිබිණි.

“මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ තවත් තැනක දැක්විණි. 

Related posts

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් නොවන අය “ජිස්යා” බද්ද ගෙවිය යුතුයි. – ඉස්ලාමය හැරගිය අය ෂරියා නීතිය යටතේ මරා දැමිය යුතුයි.

colombotoday

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

colombotoday