ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
එහෙත් යුරෝ 4 විමෝචන ප්රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.