Colombo Today Local News

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

වැල්ලවත්ත පොලිස් වසමේ මයුර කොට්, පීටසන් පාර, වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (23)දින සවස 6ට පමණ වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වු ඉන්දීය ජාතිකයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.

අද (24)දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියන් තානාපති කාර්යාලය දැනුවත්කර ඇත.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

colombotoday

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

රේගුවේ මහා පරිමාණ බදු වංචාවක්.රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණයවේ

colombotoday