බොලිවුඩයේ රසික රසිකාවියන්ගේ මීළග සිහිනය “බජිරාඕ මස්තානි” හින්දි චිත්‍රපටයයි. සන්ජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් ඉදිරියේදී රිදී තිරයට පැමිණීමට නියමිත මෙම දැවැන්ත සිනමා චිත්‍රපටයේ සුපිරිතම ගීතය ඊයේ එළිදක්වනු ලැබුවා. “දිවානී මස්ථානී” ගීතයේ ගායනයට වරම් ලැබුවේ ජනප්‍රිය ගායිකා ශ්‍රෙයා ගෝෂාල් වීම ද විශේෂත්වයක්. මෙම ගීතයේ වීඩියෝව යූටියුබ් වෙබ් අඩවියට මුදාහරිනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි. මේ වන විට එම ගීතය නරඹා ඇති සංඛ්‍යාව 83,194ක්. ඉන්දීය රුපියල් කෝටි 120ක වියදමින් නිර්මාණය වන Bajirao Mastani ලබන දෙසැම්බර් මස 18 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.
Bajirao Mastani චිත්‍රපටයේ ඊයේ (18) එළිදැක්වූ ‘Deewani Mastani’ ගීතය පහතින් නරඹන්න…