World

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

තම දේශසීමාවන් ආරක්ෂා කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රතිඥා දී තිබේ.

අවශ්‍ය වුවහොත් දේශසීමා ආරක්ෂා කිරිමට ඉන්දීය හමුදා බලකාය යොදවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

විදෙස් සොල්දාදුවන් ඉන්දීය දේශසීමා තුළ නොමැති බවත්, කිසිදු භුමි ප්‍රමාණයක් තම රටට අහිමි වී නොමැති බවත් නරේන්ද්‍ර මෝදි පවසා ඇති බව සඳහන්.

පසුගිය සඳුදා දිනයේ චීනය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණි.

කෙසේවෙතත් එම ගැටුම් හේතුවෙන් චීනයට සිදු වූ හානිය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප්‍රහාර

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

උතුරු කොරියාව ඇමරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු අඟවයි.

colombotoday