World

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ,පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්‍රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්ත පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ඉන්දීය බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි. ඒ අද අලුයම 3.30 ටය.

ත්‍රස්ත පුහුණු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ, ලේසර් තාක්ෂණයේ ආධාරයෙනි. ප්‍රහාර සඳහා කිලෝ ග්‍රෑම් 1,000 ක් බරැති බෝම්බ යොදා ගෙන ඇත

ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ගමන් කරමින් සිටි බස් සහ ලොරි රථ පෙළක් ඉලක්ක කර ගනිමින්, ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවූයේ පසුගිය 14වැනිදාය.

බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි ‘ජායිෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිය වගකීම බාර ගත්තේය. ‘ජායිෂ් ඊ මොහොමද්’ත්‍රස්ත කල්ලිය පාකිස්තාන රජයේත්, එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද චෝදනා කරයි.

Related posts

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000 ඉක්මවයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday