World

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර තිබේ. ප්‍රාන්තයේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම තහනම් කර නොමැති බැවින් නිවෙස් වෙත මත්පැන් බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන ඇති බවයි.

කෙසේ වෙතත්, අගුලු දැමීමේ (lockdown) අවස්ථාවකදී, ප්‍රාදේශීය පොලිස් ස්ථානය විසින් භාණ්ඩ බෙදාහැරීමේ යෙදී සිටින පුද්ගලයින්ට අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. කේරළ, බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැන් ඇතුළත් කර ඇති බව zeenews.india.com ප්‍රවෘත්ති අඩවිය මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටී.

අප්‍රේල් 08 දින සවස් භාගයේ දී ප්‍රාදේශීය බෙංගාලි ප්‍රවෘත්ති නාලිකාවක් විසින් මේ සම්බන්ධ ප්‍රවෘත්තිය මුල්වරට විකාශය කර තිබේ. එසේම CNN-News18 නාලිකාව ද මෙම ප්‍රවෘත්තිය විකාශය කරනු ලැබීය.

කෙසේ වෙතත් තවත් ඉන්දියානු මාධ්‍ය කිහිපයක් සඳහන් කර සිටින්නේ එයාකාර තීන්දුවක් ගැනීමට බටහිර බෙංගාල ප්‍රාන්ත රජය තීන්දුවක් ගෙන නොමැති බවයි. මෙලෙස අවසර දුන් බවට සඳහන් චක්‍රලේඛයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී ඇත. කෙසේ නමුත් මෙය ව්‍යාජ ලියැවිල්ලක් බවට ද ප්‍රාන්ත රජයේ උසස් නිලධාරියෙකු පැවසූ බව NDTV පුවත් සේවය සඳහන් කරයි.

කේරළ මහඇමති පිනරෙයි විජයන් මීට පෙර පවසා තිබුණේ රාජ්‍යය විසින් මෙහෙයවනු ලබන Kerala State Beverages (Manufacturing and Marketing) Corporation Limited (Bevco) මත්පැන් අලෙවිසැල් කොරොනා වයිරස් රටපුරා අගුලු දමා තිබියදීත් විවෘතව පවතින බවයි. රජයේ මත්පැන් අලෙවිසැල් හැරුණු විට ප්‍රාන්තයේ වැඩිවන කොරෝනා වයිරස් රෝගීන් හේතුවෙන් ප්‍රාන්තය පුරා ඇති අනෙකුත් සියලුම බාර් සහ පෞද්ගලික මත්පැන් අලෙවිසැල් වසා දමන බව කේරළ මහඇමතිවරයා පැවසීය.

එසේම, පන්ජාබ් මහ ඇමතිවරයාගේ නියෝගයකින් COVID-19 වසංගතය හේතුවෙන් ඇති වූ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිල්ලර බඩු සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස පාන වර්ග සැපයීම ප්‍රකාශයට පත් කරන ලදී.

කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉන්දියාවේ බිලියන 1.3 ක සමස්ත ජනගහනයේ ගමන් කිරීම සීමා කරමින් මාර්තු 24 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියානු රජය දින 21 ක් පුරාවට රට අගුලු දැමීමට (lockdown) නියෝග කළේය.

Related posts

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ලොව පළමු මිනිසා මියයයි

colombotoday

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන්.එම් අමීන් සබඳතා පැවැත්වූ මුස්ලිම් සහෝදරත්වයේ ජේෂ්ඨයන් 12 දෙනෙකුට මරණ දඬුවම

colombotoday

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin