Colombo Today Local News

ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය මකා දැමීමේ NGO කුමන්ත්‍රණයක් විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මකයි

history 259

ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බව ආචාර්ය නාත් අමරකෝන් මහතා ෙත්‍රෙනිකායික මහනායක හිමිවරුන් වෙත ලිපියක්‌ යවමින් දන්වා තිබේ.

ඇතැම් විශ්වවිද්‍යාල තුළ බෞද්ධ විරෝධී ආකල්ප හුවාදක්‌වමින් ශ්‍රී ලංකා ඉතිහාසය කෙරෙහි සිසුන් තුළ තිබෙන ගෞරවය හා භක්‌තිය සිඳන මතවාද ඇතුළු කිරීමටත් සිසුන්ගේ අවසන් වසර නිබන්ධන සඳහා මාතෘකා තෝරා ගැනීමේදී කාලයට ගැළපෙන මාතෘකා තෝරාගත යුතු යෑයි කියමින් ඉතිහාස විෂය ඔවුන්ගෙන් ඈත් කිරීමට උත්සාහ දරන බවටත් තොරතුරු ලැබී ඇති බව එම ලිපියෙන් දන්වා තිබේ.

තරුණ ඉතිහාසඥයන් සඳහා වන ආධුනිකයන් පුහුණු කිරීමේ වැඩමුළුව හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉකුත් දෙසැම්බර් 7-9 දිනවල කොළඹ පදනම් ආයතනයේදී පැවැත් වූ බවද ඊට කොළඹ, පේරාදෙණිය, යාපනය, රුහුණ, කැලණිය, රජරට නැගෙනහිර, අග්නිදිග යන විශ්වවිද්‍යාලවල ඉතිහාස අංශයේ කනිෂ්ඨ කථිකාචාර්යවරුන් සහභාගි වූ බවද එම සමුළුවේ ඇතැම් ප්‍රධානීන්ගේ හැසිරීම් තුළින් සහ ක්‍රියාකාරකම් තුළින් මෙම තත්ත්වය මනාව පැහැදිලි වූ බවද අමරකෝන් මහතාගේ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

දැනටමත් එක්‌තරා විශ්වවිද්‍යාලයක ක්‍රියාත්මක වන ඉතිහාස විරෝධී වැඩපිළිවෙළ අනෙක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරවා ගැනීමට මෙම සමුළුවේදී ඇතැම් ආචාර්යවරයකු උත්සහ කළ බවට ද නාත් අමරකෝන් මහතා චෝදනා කර ඇත.

සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගෙන ඉතිහාසය විකෘති කොට සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමට දරන මෙම උත්සාහය පරාජය කොට වසර දෙදහස්‌ ගණනක්‌ මුළුල්ලේ අභිමානවත් ජාතියක්‌ ලෙස ඉතිහාසය තහවුරු කර ඇති සිංහල බෞද්ධ උරුමය ආරක්‍ෂා කර ගැනීමට පෙරමුණ ගන්නා ලෙස ද එම ලිපියෙන් ඉල්ලා ඇත.

Related posts

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

Admin

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

Admin

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin