Colombo Today Local News

ඉතාලියේ පොදු ස්ථාන වසා දමයි… මිලියන 10ක් නිවාසවලට කොටු වෙති !

සති අන්තයේ සිදු වූ මරණ හා ආසාදන සංඛ්‍යාව ඉහළ යාම හා චීනයෙන් පිටත දරුණුතම බලපෑමට ලක්වූ රට බවට පත්වීම නිසා ඉතාලිය වෛරසය පැතිර යාම වැළැක්වීමට දැඩි පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඉතාලියේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව ඉරිදා 7,375 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 366 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුරෝපයේ විශාලතම කොරොන වයිරසය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන ඉතාලිය රටේ උතුරු ප්‍රදේශයේ මිලියන 10 කට අධික ජනතාවගේ ගමන් බිමන් සීමා කර ඇති අතර ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ඉරිදා අලුයම නියෝගයකට අත්සන් තබා මුළු ලොම්බාර්ඩි කලාපයට සහ තවත් පළාත් 14 කට ගමන් තහනම් කළේය.

මෙම තහනමේන් බලපෑමට ලක්වූ ස්ථාන අතර මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මිලාන් සහ සංචාරක ගමනාන්තය වන වැනීසියද ඇතුලත් වන අතර පාසල් හා විශ්ව විද්‍යාල වැසීම සහ සියලුම පොදු සිදුවීම්, ක්‍රීඩා ඉසව් සහ සිවිල් හා ආගමික උත්සව අවලංගු කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ගයන් ඇතුලත් වේ.

අපේ‍්‍රල් 3 වනදා දක්වා බලපැවැත්වෙන මෙම සීමාවන් පිළිපදින්නේ නැති අයට මාස තුනක සිර දඩුවමක් සහ යුරෝ 206 ක දඩයක් (ඩොලර් 232) ගෙවීමට සිදුවන් බවට තවදුරටත් වාර්තාවේ.

Related posts

ගනුදෙණුව ඉවරයි.. ආචාර්ය නිර්මාල් පුරවැසි බලයෙන්, සාධාරණ සමාජයෙන් ඉවත් වෙයි !

colombotoday

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

colombotoday

නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ

Admin

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday