Colombo Today Local NewsHot News

ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමති

avent gurdඇවන්ගාඩ් සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක්‌ මාරපන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව පොලිසිය ඇවන්ගාඩ් සිද්ධිය මතු කළේ ලකුණු දමා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.

මෙවැනි ප්ලෝටින් ආමර් ( පාවෙන අවි ගබඩා) තිබිය හැකි බවත්, මෙය ගාලු වරායේ 2014 ඔක්තෝබර් මාසයේ සිට තිබූ බවත්, හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

ඇවන්ගාඩ් සිද්ධිය සඳහා නඩුවක්‌ පැවරීමට නිමිත්තක්‌ නැතැයි නීතිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි කී ඇමැති මාරපන මහතා නීතිපතිවරයාද කිසිදිනක වැරදි කටයුත්තක්‌ සිදුකර නැතැයි කීය. ඇවන්ගාඩ් අවි ගබඩාවේ කිසිදු වංචාවක්‌ සිදුව නැති බවද හෙතෙම කීවේය. මෙම සිදුවීමද මිලේනියම් සිටී සිද්ධිය මෙන් පොලීසිය නව ආණ්ඩුවෙන් ලකුණු දා ගැනීමට කළ වැඩක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.

Related posts

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday