Colombo Today Local News

ඇවන්ගාඩ් සිද්ධියෙන් කැබිනට්ටුව දෙදරයි, සම්මුතිවාදයට කණ කොකා හඩන හැඩයි.

asdඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදුවූ කතා බහක් නිසා ඊයේ (5) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරි ස්වභාවයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් රජය පූර්ණ විමර්ශනයක් සිදු කර වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවයි. සිද්ධිය යටපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට අවස්ථාව ලබා නොදෙන බවද ඔවුන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඇවන්ගාර්ඞ් සිද්ධිය ජාතික ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන සාධකය බවට පත්වනු ඇති බවයි රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් ඊට තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විරෝධය පළ කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු‍වේදී කළ විවේචන හේතුවෙන් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවී ඇතැයි ද අමාත්‍යවරුන් මෙහිදී සඳහන් කර ඇත. යහ පාලන ආණ්ඩුව හැදුවේ කවුරුත් නොව තමන් බව ප්‍රකාශ කර ඇති අමාත්‍යවරුන් කොහෙවත් නැති කණ්ඩායමක් දැන් ආණ්ඩුවට පැමිණ වංචාවල් කරද්දි අපිට ඒ දිහා බලා සිටීමට නොහැකි බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී ප‍්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඊට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මන්තී‍්‍රවරුන් සමග සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා

Related posts

කැබිනට් මණ්ඩලය මැයි දිනය කල් දමයි

colombotoday

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday