Covid 19World

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

කොරෝනා වෛරස් ආසාදනයට  එරෙහිව එන්නතක් නිපදවීම සඳහා පර්යේෂණ කරමින්  සිටින ඇමරිකානු ජෛව තාක්ෂණ සමාගමක්  විසින් නිපදවා ඇති එන්නතක් පළමු අදියරයේ  සායනික අත්හදාබැලීමේදී පුද්ගලයින් 08 දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“මොඩෙමා ” සමාගමට අනුව මෙම සායනික අත්හදා බැලීමේදී කොරෝනා වෛරස් ආසාදනයට  එරෙහිව නිපදවූ එන්නත පුද්ගලයින් ගණනාවකට එන්නත් කර ඇති අතර ඔවුන් අතරින් 08 දෙනෙකු තුළ වෛරසයට සම්බන්ධ ප්‍රතිදේහ අක්‍රීය කිරීමේ හැකියාවක්  වර්ධනය වී තිබෙන  බව අනාවරණය වී තිබේ. මෙම එන්නතට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අයගේ එම ප්‍රතිචාරය කොරෝනා වෛරසය ආසාදනය වූ අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ  ප්‍රතිචාරයට සමාන බව සමාගම කියයි.

මෙසේ කොරෝනා වෛරසයට සම්බන්ධ ප්‍රතිදේහ අක්‍රීය කිරීමෙන් වෛරසයට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලට පහර දීමට ඇති හැකියාව වළක්වාලන බව පර්යේෂකයෝ පවසති .මෙම එන්නත රෝගීන් වෛරස් ආසාදනයෙන් ආරක්ෂා කරනවාද යන්න පරික්ෂා කිරීම සඳහා විශාල පිරිසකට සායනිකව අත්හදා බැලීම  ලබන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතය.

“මොඩෙමා “සමාගම  ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය හා එක්ව කොරෝනා වෛරස් ආසාදනයට එරෙහි එන්නතක් නිපදවීමේ පර්යේෂණවල නිරතව සීටි. මෙම එන්නතේ ඉදිර අධ්‍යයන කටයුතු සාර්ථක වුවහොත්  එන්නත ලබන ජනවාරි මාසයේදී  මහජනතාවට ලබා දීම සඳහා නිකුත් කිරීමට හැකි වනු ඇතැයි  “මොඩෙමා “සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටැල් සැක්ස්  පවසයි.

Related posts

තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇතැයි චීනයෙන් චෝදනා

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin

ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියා

colombotoday

ඇහැලියගොඩ සහ ගොඩකවෙල වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන ප්‍රදේශ මෙන්න

colombotoday

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday