World

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

35jj3kewසිරියාවේ ISIS ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ රුසියානු කෲස් මිසයිල 4ක් ඉරානයට ඇද වැටුණු බවට පළ වන වාර්තා අමූලික අසත්‍යයක් බව ඉරාන මිලිටරි ප‍්‍රධානියෙකු වන ජෙනරාල් මූසා කමාලි පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවක් ඉරාන ආරක්‍ෂක අංශ වෙත වාර්තාවී නොමැති බවයි.  මෙවැනි පුවත් වාර්තා කරන පුද්ගලයින්ට ඒ පිළිබඳ යම් සාක්‍ෂියක් තිබේ නම් ඒවාද ඔවුන් විසින් නිසැකව ඉදිරිපත් කරන බව පවසා ඇති ජෙනරාල්වරයා මෙය කලාපයේ ඇමරිකානු ප‍්‍රතිපත්තිවලට විරුද්ධවන්නන්ට එරෙහිව ක‍්‍රියාත්මක කරන මනෝවිද්‍යාත්මක යුධ ක‍්‍රමයක් බවද පවසා තිබේ.

රුසියාවේ කැස්පියන් නෞකා කණ්ඩායම විසින් සිරියාවේ ISIS ඉලක්ක වෙත යොමු කළ කෲස් මිසයිල 24කින් 4ක් අතරමගදී ඉරානයට ඇද වැටුණු බවත් ඉන් සිවිල් වැසියන්ට හානි සිදුවන්නට ඇති බවත් නිර්නාමික ඇමරිකානු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් සී.එන්.එන්, රොයිටර්, බ්ලූම්බර්ග් හා ඇසොසියේටඞ් ෆ‍්‍රැන්ස් ප්‍රෙස් යන ජාත්‍යන්තර පුවත්සේවයන් විසින් වාර්තා කරන ලදී.

මෙම වාර්තා රුසියාව විසින් ප‍්‍රතික්‍ෂේප කළ අතර මිසයිල සියල්ල සාර්ථක ලෙස සිරියාවේ ඉලක්ක කරා ළගාවූ බව පවසනු ලැබිණි.

සිරියාව කරා යන මිසයිල කිලෝමීටර් 1500ක සිය ගමන්මගේදී පසුකරන ඉරානය හා ඉරාකයට ඒවායින් කිසිදු අනතුරක් එල්ල නොවන බව රුසියානු ආරක්‍ෂක අංශ විසින් අවධාරණය කර තිබේ.

Related posts

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

මුස්ලිම්වරුන්ට විද්‍යාඥයන් විශ්වාස නොමැති නම්, විශ්වාසය පකිස්ථානය කෙරෙහි තිබේ නම් පාකිස්තානයට යා යුතුයි.

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

colombotoday

නවසීලන්ත මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයෙන් මියගිය ගණන 40ක්.. වෙඩිතබා ඇත්තේ ඕස්ට්‍රේලියානුවෙක්…

colombotoday