Colombo Today Local News

ඇමති හිස්බුල්ලා ඇතුළු පිරිස පැහැරගත් කෝටි 9ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය අත්අඩංගුවට…

– මහා මාර්ග රාජ්‍ය ඇමැති එල්.ඒ.එම්. හිස්‌බුල්ලා මහතා ඇතුළු සිවු දෙනකු විසින් මඩකලපුව පූනානි ප්‍රදේශයේදී ඉදිකිරීම් ආයතනයක සේවකයන් පලවා හැර ඔවුන්ගෙන් අත්පත් කරගත් බව කියන රුපියල් කෝටි 9 කට අධික වටිනාකමින් යුත් ගොඩනැඟිලි ද්‍රව්‍ය තොගයක්‌ (6 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සවුදි රටේ මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකා ඉදිකිරීම් ගොඩනැඟිලි සමිතිය විසින් මඩකලපුව පූනානි ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්‌ ඉදිකරමින් සිටියදී ඇතිවූ යම් සිද්ධියක්‌ හේතුවෙන් රාජ්‍ය ඇමැති හිස්‌බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනකු 2016 පෙබරවාරි 20 වැනිදා ඉදිකිරීම් ආයතනයේ සේවකයන් පලවා හැර යන්ත්‍ර සූත්‍ර ඇතුළු ඉදිකිරීම් භාණ්‌ඩ ඔවුන් භාරයට ගෙන ඇත.

ඉදිකිරීම් ආයතනයේ සභාපති ප්‍රභාත් උක්‌වත්ත මහතා විසින් මේ පිළිබඳව වාලච්ෙච්න පොලිසියට සහ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාටද පැමිණිලි කර ඇත. පොලිස්‌පතිවරයාට කළ පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර වාලච්ෙච්න මහෙස්‌ත්‍රාත් ඒ. සී. රිස්‌වාන් මහතා වෙත කරුණු දැක්‌වීමෙන් පසු අධිකරණ නියෝග මත ඉකුත් බදාදා (3 දා) මෙම ගොඩනැඟිලි භාණ්‌ඩ තොගය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හිස්‌බුල්ලා රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු සිවු දෙනාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට (9 දා) ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙසටද නියෝග කර තිබේ. ඔවුන් අතර හිස්‌බුල්ලා රාජ්‍ය ඇමැති, ඔහුගේ පුත් හිරාස්‌ අහමඩ්, වාකරේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්‌. තාහීර් සහ අබුල් හසන් යන අය වෙති.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රසාදය පළ කරමින්, ගොඩනැඟිලි ඉදිකිරීම් ආයතනයේ සභාපති ඇතුළු සේවක පිරිසක්‌ පෙරේදා (6 දා) පූනානිහි ඉදිකිරීම් සිදුකරමින් තිබූ ආයතනය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක්‌ පැවැත්වූහ. එහිදී ඉදිකිරීම් සමාගමේ සභාපති ප්‍රභාත් උක්‌වත්ත මහතා පැවැසුවේ ඉදිකිරීම් කටයුතු සඳහා බලපත්‍ර නොමැති වැලි යොදා ගන්නා ලෙස කළ ඉල්ලීම තම ආයතනය ප්‍රතික්‍ෂේප කිරීම නිසා තම ආයතනයේ සේවකයන් 400 ක්‌ පමණ පලවා හැර රුපියල් කෝටි 9 කට ආසන්න ඉදිකිරීම් භාණ්‌ඩ සැකකරුවන් විසින් රඳවා ගත් බවයි.

Related posts

රනිල් එලවන්න දත කෑ රාජ්‍ය ඇමති ඇලෝසියස්ගෙන් මිලියන 3ක චෙක් අරන් මාට්ටුයි

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday