Colombo Today Local News

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමැතිවරයා කර තිබෙන ප‍්‍රකාශය ආණ්ඩුවේත් මතය දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විමසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටේ නැති නිසා අගමැතිවරයා ප්‍රකාශයක්‌ කළ යුතු නමුත් අද වනතුරු අගමැතිවරයා එවැනි ප්‍රකාශයක්‌ නොකිරීමෙන් රජයේ මාධ්‍ය ඇමැතිවරයා ලෙස කළ එම ප්‍රකාශය ආණ්‌ඩුව දරන මතය විය හැකි යෑයි ද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය හෙළා දකින බවත් කතෝලික පිරිස්‌ පමණක්‌ නොව බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් ආගමිකයන් පිරිසක්‌ ද මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි විරෝධය පළ කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ආගමික නායකයකු පල්ලිය තුළ කළ ප්‍රකාශයක්‌ මෙතරම් නිර්දය ලෙස විවේචනය කිරීම සම්පූර්ණ වැරදි බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඇමැතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවත් හෙතෙම කීවේය.

මෙය තමා දකින්නේ නරක පූර්වාදර්ශයක්‌ ලෙස බව ද මෙසේ අනෙක්‌ ආගමික නායකයන්ටත් අපහාස වන ප්‍රකාශ කිරීමට ගියහොත් මෙය නවතින්නේ කොතැනින් දැයි යන්න ප්‍රශ්නයක්‌ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය සියලුම ආගමික නායකයන්ට කරන ලද අපහාසයක්‌ ලෙස තමා දකින බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ විඡේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (26 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

Related posts

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

උදෑසන 6 සිට ඇඳිරි නිතිය ඉවතට

colombotoday

‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හැදුවේ මමයි – රාජිත පුත් චතුර (VIDEO)

colombotoday