Colombo Today Local News

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

Untitled-3නීතිය සාමය හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාට එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන්නැයි අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඇවන්ගාඩ් සමාගමේ කිසිදු වංචාවක් සිදු වී නැති බවත්, පොලීසිය ලකුණු දා ගැනීම සදහා ඇවන්ගාඩ් අවි නැව වැටළු බවත් පසුගිය දිනක මාරපන ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ අතර ඒ සමගම ආණ්ඩුවේ බොහෝ පිරිසකගේ උදහසට ලක් වන්නට ඇමතිවරයාට සිදුව තිබේ. 7 වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කර තිබුණේ ඉදිරි අයවැයට පෙර තිලක් මාරපන ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

අගමැතිවරයා විසින් තිලක් මාරපන ඇමතිවරයාට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇත්තේ එලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙනඑනු ලැබුවහොත් ආණ්ඩුවේ බහුතරයක් ඇමතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටින බව අනාවරණය වීමත් සමග බවයි එම ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday