Colombo Today Local News

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

ඊයේ දිනයේ පැවති විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව ඡන්දය ලබා දුන්නද ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් තව දුරටත් ඇමතිවරුන් ලෙස කටයුතු කරන බවත් විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් සදහන් කරති.

විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඊයේ සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඇමති දයාසිරි ජයසේකර මහතා බීබීසී සේවය සමග අදහස් පල කරමින් කියා ඇත්තේ ඇමතිවරයෙක් ලෙස කව දුරටත් ආණ්ඩුවේ කටයුතු කරන බවයි.

පක්‍ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණයකට එකග බවත් ඇමතිකම් දැරීම හෝ නොදැරීම ආණ්වේ සිටීම හෝ නොසිසීම ගැන පක්‍ෂයක් ලෙස තීරණය කරන බවයි.

ඇමති එස්.බී. දිසානායක මහතා පවසන්නේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ගැන තීරණය කිරීම ඇත්තේ ජනාධිපතිවරයා අත බවත් එජාපයට උවමනා ලෙස වැඩ කිරීමට සූදානම් නැති බවත්ය.

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් හය දෙනා වහාම ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් එජාප මන්ත්‍රීවරු 33 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අද අගමැතිවරයාට යොමුකර ඇත.

Related posts

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

colombotoday