Colombo Today Local News

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

කොළඹගම්පහකළුතරපුත්තලමමහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම

සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ලිහිල් කෙරෙන අතරඑදිනම  දහවල් 2.00 පනවයි, නැවත ඉවත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙයි

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (අප්‍රේල් 06) උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම  දහවල් 2.00 සිට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවලට  පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධව පසුව දැනුම් දෙනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

Related posts

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday