Colombo Today Local NewsCovid 19

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ථ පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවකාශයක් තුළ ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හි දී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර, අද (16)දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත් ය.

මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ කොවිඩ් පාලනය වී ඇති බව හා ලෝකයේ සෙසු රටවල් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යහපත් තත්ත්වයක පසුවන නමුත් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිත රටවල් අතර තවමත් අප සිටින්නේ යහපත් මට්ටමක නොවන බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් මෙහිදී දැනුවත් කර තිබේ.

Related posts

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත් විකල්ප සූදානම් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

colombotoday

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

ඇමතිකම් බෙදීමේ ‘විද්‍යානුකූලභාවය‘ ගැන ආණ්ඩුවේ බඩ කොරවෙන විග්‍රහය මෙන්න (Video)

colombotoday