World

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනී

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවලින් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ “වේගවත් ආක්‍රමණයකට” මුහුණ දීමට රට සූදානම් විය යුතු බවයි.

ඉන්දීය මූල්‍ය අගනුවර වන මුම්බායි හි ධරාවි මුඩුක්කුවේදී 56 හැවිරිදි පුද්ගලයෙකු බදාදා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය. ඔහුට සංචාරක ඉතිහාසයක් නොමැති අතර, ප්‍රාදේශීය රෝහලකට මාරුකර වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පැය කිහිපයකට පසු මිය ගිය බව මුම්බායි නිලධාරියෙකු සනාථ කළේය.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබේ.

මිලියනයක පමණ ජනතාවක් සිටින ධරාවි මුඩුක්කුව නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් ඇති අතර, එහි වර්ග කිලෝ මීටරයකට 280,000ක් පමණ දෙනා ජීවත් වෙති.

සනීපාරක්ෂාව හෝ ජලය නොමැති ඉන්දියාවේ බොහෝ මුඩුක්කු ප්‍රදේශයක් හරහා වෛරසය අඛණ්ඩව පැතිර ගියහොත් තත්ත්වය පාලනය කළ නොහැකි බව වෛද්‍යවරු පවසති.

දහස් සංඛ්‍යාත ජනයා මුහුණට මුහුණ ජීවත් වන මෙවැනි පරිසරයක සමාජ දුරස්ථභාවය කෙසේවත් යථාර්ථයක් කළ නොහැකි වනු ඇති බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

Related posts

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday