Colombo Today Local News

ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත්… සුළු පක්ෂ සමග එක්වී අපි ආණ්ඩුවක් හදනවා !

එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.

අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා.  ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”

Related posts

බිත්තර වලින් කොමිස් ගන්නා ආණ්ඩුවේ ලොක්කා සොයයි

Admin

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday