Colombo Today Local News

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

කොරෝනා වයිරසය හේතුවෙන් අඩාලවූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සකස් කිරීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය සහ ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. විෂය ක්ෂේත‍්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර කි‍්‍රයාත්මක කළයුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ලබන සඳුදා සිට ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමත් සමඟ ආර්ථිකය ද නඟාසිටුවීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ආර්ථිකයට විශාල ශක්තියක්වූ ඇඟළුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ආරම්භ කළයුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වාදෙන්නේ. කොරෝනා වයිරසය මර්දනය කර නැඟීසිටින රටවල් ඉලක්ක කරගනිමින් සංචාරක ගෙන්වා ගැනීමේ හැකියාව ද එහිදී අවධානයට ලක්වුණා. කොරෝනා මර්දනයට ශ්‍රී‍්‍ර ලංකාව ගත් විධිමත් කි‍්‍රයාමාර්ග අනෙක් රට වලට පෙන්වාදෙමින් දේශීය  සහ බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමඟ වීසා නිකුත් කර වැඩිපුර වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළයුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

වරාය  නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කරගනිමින් විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීමට ඇති හැකියාව ද අවධානයට ලක්වුණා. විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප‍්‍රස්ථාව වැඩි කිරීමට සැලසුම් කිරීමේ වගකීම පවරනු ලැබුවේ අමාත්‍යාංශ ලේකම්වරුන්ටයි. ගතවූ සති කිහිපයේදී ඉදිරිපත්වූ නව නිර්මාණ ලෝක වෙළෙදපොළට හදුන්වාදෙමින් අපනයන ආර්ථිකයට දායක කරගැනීමේ ඇති හැකියාව ද සාකච්ඡාවට ලක්වුණා.

නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන ව්‍යාපාර වලට පූර්ණ සහය ලබාදීමට තම බලකාය මැදිහත් වන බවයි කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුට රැකියා අහිමි නොකර රට ඉදිරියට ගෙන යාමට ගතයුතු කි‍්‍රයාමාර්ග ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වාදුන්නා.

Related posts

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

වනිඳු පිලිබද තීරනයක්

Admin

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

colombotoday

20ට එරෙහිව මහා සංඝ සම්මේලනයක් කැදවයි.. මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුත් වැඩමවති

colombotoday