ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මව්ලවිවරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.
සැකකරු සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
ඒ අනුව අත්අඩංගුවට ගත් මව්ලවිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.