Colombo Today Local News

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29)දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වන දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි..

පසුගිය 24 වනදා මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනි.

ඔහුව පසුගිය 25 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 05 වනදා සිදු කිරීමට ඊයේ (28)දින අභියාචනාධිකරණය තීන්දු කළේය.

එදින තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැත.

Related posts

දඹුල්ල පූජාභූමියේ අනවසර පල්ලිය නීත්‍යානුකූල කරන්න පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

colombotoday

වෙනදා දන්සල් 6000යි… මෙවර 95යි…

colombotoday

වෙඩි වැදුණු දෙමටගොඩ චමින්ද බලන්න ඥානසාර හිමි රෝහලට වඩිති

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !

colombotoday

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

colombotoday