Colombo Today Local News

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ හා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල මෘත ශරීරාගාරයේ ආදාහනය කිරීමට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් දින ගණනක් තිස්සේ ගොඩගැසී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ආදාහනයට විරෝධය පා ඥාතීන් භාරනොගන්නා මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පසුගිය සතිවල සිදුකෙරුණද යළිත් තීන්දු ගත නොහැකි මළසිරුරු මෘත ශරීරාගාරවල, තබාගැනීමට සිදුවී ඇත.

නාරාහේන්පිට පුද්ගලික රෝහලක මියගිය අයකුගේ ආදාහනයට විරෝධය පා දමාගිය මුස්ලිම් ජාතිකයකුගේ සිරුරක් පෙරේදා (26 වැනිදා) පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන විත් තිබිණි. ඒ සමග මළ සිරුරු 8 අටක් මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇත.

ජාතික රෝහලෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයකුගේ මරණයකින් පසුව පෙරේදා (21 වැනිදා) එය ආදාහනය කර ඇත.

අරුණ

Related posts

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක් අර්බුධයක් ඩීව් හෙළි කරයි…

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටි සිසුවෙක් මරුට

Admin

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday

කොළඹ වරාය නගරයට ගිය ජනකාය කොවිඩ් පොකුරක් ඇති කිරීමේ අවදානමක්

colombotoday