Colombo Today Local News

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

වත්මන් ආණ්ඩුවට එරෙහිවිය යුතු නම් ජවිපේ සාමාජිකයන් කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු  මන්ත්‍රී  උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක්  අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා,

වත්මන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වන්න ජවිපෙ සාමාජිකයින් අනිද්දාට කොළඹට එන බව කියනවා. වත්මන් ආණ්ඩුවට රට විනාශ කරන්න පුළුවන් වුණේ 2015 ජනවාරි 8 බලයට පැමිණි නිසා. ඒ ජයග්‍රහණයට ජවිපෙ විශාල දායකත්වයක් දැක්වූ බව
කියන්නේ මම නොවේ. පක්ෂ නායක අනුර දිසානායක මැතිතුමා. එතැන මෙතැන නොවේ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. 2015 ජනවාරි 20 දා එතුමා කළ කතාව හැන්සාඩ් එකේ 16 වන පිටුවේ තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙහෙම කියනවා.

“ ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ ජනතාව සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් වරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ආණ්ඩුව ඇතුලේ සිටි විවිධ පාර්ෂව සහ පිටින් ඉන්නා අපි වගේ පාර්ෂවයන් වගේම ටී එන් ඒ වගේ පාර්ෂවයන්ගෙනුත් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. “

මේ ආණ්ඩුව බලයට ගෙනාවේ අපිය කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනවාරි 20 උදම් අණනවා. ඒ වගේම මේ ආණ්ඩුවට ඡන්ද කල් දාමින් බලයේ ඉන්න උදව් කරන්නෙත් ජවිපෙ. එහෙම නම් ජවිපෙ සාමාජිකයින් මේ ආණ්ඩුවට ඇත්තටම විරුද්ධ නම් ඔවුන්
කළ යුත්තේ මේ ආණ්ඩුවට බලයට පත් කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නු මේ ආණ්ඩුවට බලය රැක ගන්න කොන්දේසි විරහිතව දායකත්වයක් ලබා දෙන ජවිපෙ නායකත්වයට එරෙහිව උද්ඝෝෂණය කිරීමයි. දැනට උද්ඝෝෂණය පැවැත්වෙන තැන තීරණය කරලා නැතිලු. ඒ නිසා ජවිපෙ මූලස්ථානය ඉදිරියේ ඒ උද්ඝෝෂණය පැවැත්වීම වඩා සුදුසුයි කියා මම යෝජනා කරනවා.

Related posts

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

colombotoday

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday