Colombo Today Local News

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ.

අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී අද අලුයම කිරි ආහාර පූජාවක් පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ආගමික වතාවත් සිදු කර ඇත.

රුවන්වැලි චෛත්‍ය රාජයාණන් උදෙසා කප්රුක් පූජාවක්ද චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍ර ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ.

එම පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රජුගේ සහ විහාර මහා දේවිය පිලිරූවලට මල් මල් මාලා පැළදවීම ජනාධිපතිතුමා අතින් සිදු කර ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ අභයගිරි, පූර්වාරාම මහා විහාරය වැඳපුදාගෙන විහාරාධිපති උතුරුමැද පළාතේ සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට කැප වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගනිමින් කළ මෙහෙවර පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමිගේ ප්‍රශංසාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා. | මැඩිල්ලේ හිමි ආණ්ඩුවට කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday