නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස්වනවාද නැද්ද යන්න මේ වන විටත් තීරණයක් ගෙන නැති බවට වාර්තා වන අතර, ජනපති හා අගමැතිවරයාගේ එකගත්වය මත ඔහුව ධුරයෙන් පහකිරිම සිදුකල යුතුය.