Colombo Today Local News

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන හිටපු කී‍්‍රඩකයින් හට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සිදු කරන පරීක්ෂණ සදහා අවශ්‍ය ලියකියවිලි එම කී‍්‍රඩකයින් විසින් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත භාරදී තිබේ.

ප‍්‍රශ්න ගත 2017 වසරේ පැවති T 10 තරගාවලිය සම්බන්ධයෙන් මෙම කී‍්‍රඩකයින්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට හිටපු කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කළේය.

චෝදනාවට ලක්ව සිටින අදාළ කී‍්‍රඩකයින් පවසන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තමන්ට තාවකාලිකව තහනමක් පනවා ඇත්තේ කිසිදු පදනමක් නොමැතිව බවයි.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකක නීති සංග‍්‍රහයේ වගන්ති කඩ කිරීමක් සඳහන් කරමින් අවිශ්ක ගුණවර්ධන ඇතුලූ මෙම කි‍්‍රඩකයින් තිදෙනාට තහනමක් පනවා තිබුණද ප‍්‍රශ්නගත මෙම T 10 තරගාවලිය පවත්වා ඇත්තේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ කිසිදු මැදිහත්වීමකින් තොරව බවයි එම කී‍්‍රඩකයින් පවසන්නේ. එමෙන්ම අදාළ තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කණ්ඩායමක් සහභාගි කරවා ඇත්තේද එවක කි‍්‍රඩා අමාත්‍යවරයාව සිටි දයාසිරි ජයසේකරගේ අනුමැතියකින් තොරව බවද අනාවරණ වී ඇත.

මෙම කී‍්‍රඩකයින් වෙනුවෙන් පෙනී සිටින අධිනිතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුලසූරිය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ තරගාවලියට ICCයේ මැදිහත්වීම සිදුව ඇත්තේ කෙසේද යන්න මෙන්ම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සහ එමිරේට්ස් කි‍්‍රකට් අතර ඇති සම්බන්ධතාව කුමක්ද යන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් විමසීමක් කර තිබේ.

ඊටද මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවයි එම කී‍්‍රඩකයින් පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යංශ විසින් පත් කළ ති‍්‍රපුද්ගල කමිටුව සාධාරණ පරීක්ෂණයක් සිදු කරනු ඇති බවයි අවිශ්ක ගුණවර්ධන ඇතුලූ තාවකාලික තරග තහනමකට ලක්ව සිටින එම කී‍්‍රඩකයින් සදහන් කළේ.

Related posts

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

අනුර පරද්දන්න සජිත්ට බෑ ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Admin