Colombo Today Local News

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24)දින භාර වී තිබේ.

ඔහු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (22)දින වරෙන්තු නිකුත් කෙරුණි.

ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී ඇති අතර ඔහු හෙට (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (24)දින අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

මෙම පෙත්සම අද කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වෙත පෙන්වා දී සිටියේ දැනට ගොනුකර තිබෙන සංශෝධිත පෙත්සම වෙනුවට නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බවය.

ඒ අනුව නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එය ලබන සඳුදා (27)දින සළකා බලන බව ද නිවේදනය කළේය.

Related posts

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

යාපනේ සහජීවන ගුටි ප්‍රහාරය හා අරුම පුදුම ඇප දීම ගැන දෙරණේ චතුර මෙසේ කියයි

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday