Colombo Today Local News

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණවලට මුල පිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කර ඇත.

අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙනු ඇතැයි ද යුනිසෙෆ් ආයතනය සඳහන් කර ඇත.

“රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්” බව යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පවසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ළමයින් නීතිය හමුවට පැමිණවීමේ දී අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ථ සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා බෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා.” යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

Related posts

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

colombotoday

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday

අලුත් අවුරුද්දට අලුත් කොරෝනා නීති මාලාවක් නිකුත් කිරීමට පියවර

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday