Colombo Today Local News

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

ලබන අඟහරුවාදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධනයක් ලබාදීමට යෝජිත යැයි රජයේ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කරඇතිබවද සඳහන්වේ.

එසේම විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇත. මේ හැර අලුතෙන් 10,000කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවද සඳහන් වෙයි.

මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් උපයා දෙන විදේශ ගෘහ සේවයේ නියුතු ගෘහ සේවක සේවිකාවන් සිය සේවා කාලය නිමවා මෙරටට පැමිණි පසු ඔවුන්ට ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 25/-කට නොඅඩු ණය මුදලක් ලබාදීමේ යෝජනාවක් ද ඇතැයි කියැවේ. මෙය දිගු කාලයකින් නැවත පියවිය යුතු සුළු පොලියකට ලබාදෙන ණය මුදලකි. එසේම ත්‍රිරෝද රථ හිමියන්ට ද වාහනයක් මිලදී ගැනීමට සහන පොලියට ණය මුදලක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මේ හැර වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවද ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති වගද දැනගන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුව රුපියල් බිලියන 115ක පමණ නව ආදායම් සපයා ගැනීමට අවශ්‍ය බැවින් මෙම බදු පැනවේ. ඒ අනුව වාහන හා සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමට ඉඩ තිබේ. සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇතැයි කියැවේ

Related posts

ලක්ෂ 18කට අධික අයිස් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

colombotoday

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday