Colombo Today Local News

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

onstrikeමෙතෙක්‌ ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක්‌ අද (03 දා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නියෑළෙයි.

මෙම වැඩවර්ජනය අඛණ්‌ඩව පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ අද සවස තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

තීරු බදු රහිත වාහන බලපත්‍රය වෙනුවට රුපියල් ලක්‌ෂ දහයක්‌ ලබාදෙන බවට මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළද තම ඉල්ලීම් ඩියුටි ෆ්‍රී වාහනයකට පමණක්‌ ලඝූ කිරීමට ආණ්‌ඩුවට ඉඩ නොදෙන බවද හෙතෙම කියා සිටියේය.

මෙතෙක්‌ කලක්‌ පැවැති වරප්‍රසාද ඒ ආකාරයටම තිබිය යුතු බවද රජයේ සේවක මූලික වැටුප් වැඩිවීමක්‌ ලබා නොදීම, රාජ්‍ය සේවකයන්ගේ සමහර ආදායම් උපයනවිට ගෙවීමේ බද්දට යටත් කිරීම සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව අද දවසේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

මෙම වර්ජනයට එක්‌ වන රජයේ වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් වර්ජනය පවතින කාලසීමාවේදී රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හදිසි සේවාවන් පමණක්‌ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටී.

රජයේ වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, ඉංජිනේරු, පරිපාලන, පශු වෛද්‍ය, ගණකාධිකාරී, විගණන, අධ්‍යාපන පරිපාලන සේවා, මිනින්දෝරු, පශු වෛද්‍ය පර්යේෂණ නිලධාරි, විද්‍යාත්මක, කෘෂිකර්ම, වාස්‌තු විද්‍යාඥ යන වෘත්තීන් 14 ක්‌ නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 17 ක්‌ මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්‌ වන බවව එම වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගනු ලැබූ දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

අජිත් අලහකෝන්, ඒමන්ති මාරඹේ සහ නිර්මලා උදයංගනී

Related posts

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

Admin

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday