අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බවත් සඳහන්.