World

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ලොව පුරා පැතිර ඇති කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වනවිට වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව යි.

මේ වනවිට එරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබේ. මරණ තවත් ඉහළ යා හැකි බවට වෛද්‍ය අංශ අනතුරු අඟවති.

අමෙරිකාවෙන් ප්‍රථම කොවිඩ් මරණය වාර්තා වූයේ පෙබරවාරි 29 වනදා ය. දින 54කට පසු එරට කොවිඩ් මරණ ගණන 50,000 ඉක්මවීය. එතැන් සිට දින 34ක් තුළ කොවිඩ් මරණ ගණන 100,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි විය.

ඒ මැයි 27 වනදා ය. එතැන් සිට 150,000 සීමාව ඉක්මවා යෑමට දින 63ක් ගතවී තිබේ.

ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත අනුව ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණවලින් 20%ක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.

“මම හිතන්නේ රටක් වශයෙන් අපිට නොහැකි වෙලා තිබෙනවා මෙම ගැටලුව පාලනය කරන්න. ඒ වගේම මෙම මරණ වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය නොදීම පිස්සුවක්. මට ඒක කණගාටුදායක දෙයක්. දැන් අපි බැලිය යුත්තේ තවත් 150,000ක් මියයෑම වළක්වා ගන්නේ කෙසේද කියලා.”

හාවඩ් ග්ලෝබල් සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය අශීෂ් ජා එසේ පැවසුවාය.

“මම හිතන්නේ අපිට ඒක පුලුවන්. නමුත් අපි ඒකට මහන්සි වෙන්න ඕනේ.”

Related posts

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday