මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැදැක සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයක මඩකලපුවට පැමිණියත් මඩකලපු නගරයේ එකම විහාරස්ථානය වූ ශ්‍රී මංගලාරාමයට නොපැමිණීම පිළිබදව සුමනරතන හිමියන් දැඩි විරෝධය දැක්වීය.
ඊයේ දිනයේද මඩකලපුවට ජනාදිපතිවරයා පැමිණෙන බව දැනගත් උන්වහන්සේ, ජනාධිපතිවරයා නොපැමිණියහොත් ගිනි තබා ගන්නා බවට ප්‍රකාශ කරමින් කලු කොඩි ඔසවා විරෝධය දැක්වීය.