Colombo Today Local News

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ එකසිය පනහක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

ඊයේ (9දා) රාත‍්‍රියේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පුද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුව තිබේ.

එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ  නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳව නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියාදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බවද පොලීසිය පැවසුවේය.

අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

Related posts

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

“සැකය තහවුරුයි.. ජනපති සිරිසේන පඹයෙක්.. රූකඩයක්, ඔහුම ඔප්පුකර පෙන්නුවා” – ජවිපෙ

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි. කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday