Colombo Today Local News

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

“අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්ටයක මිල වැඩි කළේ ඇයි?” දැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා සඳහන් කර සිටින්නේ….

“නිවසක් තනා ගැනීම සෑම මිනිසෙකුගේම සිහිනයකි. ඒ නිසාම සෑම මැතිවරණයක දීම දේශපාලන පක්ෂ විසින් දෙන පොරොන්දුවකි නිවසක් සාදා ගැනීම සදහා ආධාර දීම හා නිවාස තනා දීම. වර්තමාන රජය විසින් දුන් ප්‍රධාන පොරොන්දුවක් බවටද එය පත්ව තිබේ.”

“එහෙත් වර්තමාන රජය එම පොරොන්දුව කිහිපවරක්ම කඩ කර ඇත. මේ වන විට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩි කිරීමට සුදානමක් ඇත. සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන අතර සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩි කිරීමට අවසර දීමට පාරිභොගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටී.”

“අම්පාරේ ඉදිකරනු ලබන ගම්උදාවේ පෝස්ටර් ගසන්නේ කොළඔය. ඒ රජයේ වැඩ පිළිවෙළ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට වීමට පුලුවන එහෙත් රජයේ ප්‍රතිපත්තිය විය යුත්තේ නිවාස සාදා ගැනීම සදහා ජනතාවට සහන ලබා දීමය. නිවසක් සෑදීමට අවශ්‍ය ” ප්‍රධාන ද්‍රව්‍යhls සිමෙන්ති. රජය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කලහොත් ජනතාවගේ නිවාස සෑදීමේ සිහිනය පමණක් නොව තිබෙන නිවස අලුත්වැඩියා කර ගැනීමට තිබෙන අවස්ථාවද අහිමිවේ.”

“අම්පාරේ ඉදිකරනු ලබන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගැසීම නතර කර නිවාස සාදා ගැනීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය වල මිල ගණන් අඩු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය ගත් තීන්දුව වහා හකුලා ගන්නා ලෙසට බල කරමු.”

Related posts

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩුවන්නේ නෑ

colombotoday

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday