Colombo Today Local News

අභිරහස් අමුත්තෙක් අද රෑ පෘථිවිය ළගින්ම යයි

0c82cd76b64d0c2a608bace4d9d97805_Lමීටර් හාරසියයක්‌ පමණ පළල ග්‍රහකයක්‌ අද (31 වැනිදා) පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය තහවුරු කර ඇත. එය පෘථිවිය හෝ හඳ මත ගැටීමක්‌ සිදු නොවන බැවින් අනවශ්‍ය බියක්‌ ඇතිකර නොගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මෙම ග්‍රහකය මීටර් 400 ක්‌ පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක්‌ ඈතින් ගමන් කරනු ඇත. පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක්‌ පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර් 35 ක පමණ  වේගයෙන් ගමන් කරයි. මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක්‌ සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැත.

මෙම ග්‍රහකය 2015ඔඊ145 ලෙස අංකනය කර තිබේ. සෙනසුරාදා රාත්‍රියෙහි ‘දඩයක්‌කාරයා’ තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්‍ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක්‌ හෝ ඊට වැඩි විශ්කම්භයක්‌ සහිත දුරේක්‍ෂයක්‌ තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්‍ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස්‌ කරයි.

නැවත මෙවැනි ග්‍රහකයක්‌ 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක්‌ පමණ වන බව අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව නොවැම්බර් 13 වැනිදා තවත් අභ්‍යවකාශ වස්‌තුවක්‌ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට කිලෝමීටර 65 ක්‌ පමණ දුරින් මුහුදට වැටෙන බව සොයාගෙන ඇත. මෙම ආකාශ වස්‌තුව මීටර් 2 ක්‌ පමණ දිග වන අතර සඳට යවන ලද යානයක කොටසක්‌ විය හැකි බව විශ්වාස කරයි. එබැවින් එම දිනවල දකුණු මුහුදු වෙරළ ප්‍රදේශ යට යැම අවදානම් සහිතය.

Grahaya1_600px_15_10_30

Related posts

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

මා පැමිණියේ බහු ජාතික, බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්වීපයෙන් – අගමැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අමතයි

colombotoday