Colombo Today Local News

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කී බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි. 

මේ අනුව අමාත්‍යවරුන්ට, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම්, දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියල්ල පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට පැවැසීය. 

“මීට පෙර පවත්වන ලද උත්සව, ඉසවු යනාදිය වෙනුවෙන් ගෙවීම් කරන්නැයි ඉදිරිපත් කරන කිසිවකටද මුදල් ලබානොදෙන ලෙස උපදෙස් ලැබී තිබෙනවා” යැයි ද හෙතෙම කීය. 

පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනා සහ අභියාචනාධිකරණ තීන්දුව අනුව අමාත්‍යවරුන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පසුගිය සතියේදී ජනාධිපතිවරයාගෙන් කරුණු පැහැදිලි කරගෙන ඇති අතර ඒ අනුව ඉහත උපදෙස් ලැබී ඇත. 

අධිකරණ තීන්දුව අනුව කිසිදු ගෙවීමකට අවසර නොදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදි උපදෙස් දුන් බව ද රත්නසිරි මහතා කීය. 

අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගය මගින් අමාත්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලවලට ගෙවීම් නොකරන ලෙස සෘජුව සහ විශේෂයෙන් සඳහන් නොකළද අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නිලතල දැරීමෙන් සහ අදාළ කටයුතුවලින් වැළැකී සිටි බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවැසීය. 

ජනාධිපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා ලබාදෙන නියෝග සහ උපදෙස් පමණක් පිළිපදින ලෙසද, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද පරිපාලන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද කරුණු විමසන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලැබුණු බව ද අමරසේකර මහතා කීවේය. 

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 

Related posts

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි.”- සුමන්තිරන්.

colombotoday

හිලරිට ජයපතා පොල් ගැසූ අය ට්‍රම්ප් දෙසට හැරෙයි.. හමුදාවට දඩුවම් දෙන්න සහය ඉල්ලන්න යයි

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin