Colombo Today Local News

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා


ශ්‍රී ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව ඉන්දිය එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ එකඟ වූ බවයි.

අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් යෝජනාවලිය දෙමළ ජනතාව පිළිනොගන්නා බව එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසයි.

මෙම යෝජනාවෙන් යුක්තිය මරා දමා ඇතැයිද තමිල්නාඩුවේ කෝටියක් තරුණයන් මෙම අසාධාරණය කියා පෑමට ඉදිරිපත්වන බවත් ඔහු හින්දු වෙබ් අඩවිය පවසා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පවසන්නේ අදාළ යෝජනාවලිය සමග පහසුකම් සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාව සහභාගිවිම කැපී පෙනෙන කරුණක් බවයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ
මානව හිමිකම් නීතයේ ආධිපත්‍ය, යහපාලනය ස්ථාපිතවෙමින් පවතින බව රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

ආර්ථිකය ගැන අනතුරු ඇගවීමක්

Admin

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday