Colombo Today Local News

අබලන්වූ මාර්ගයට අවධානය යොමු කරවන්න, ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයා රිමාන්ඩ්

ජනාධිපතිවරයා පෙරේදා (21 දා) ගමන් කිරීමට නියමිත වූ මාර්ගයේ කෙසෙල් පැළ 4 ක්‌ සිටවූ තරුණයකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (22 දා) මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

අරලගංවිල විජයබාපුර පදිංචි ආර්. එම්. සරත් රත්නායක නමැති තරුණයා විජයබාපුර සිට අරලගංවිල දක්‌වා පාර අබලන් වී අධික දූවිලි සහිත මාර්ගයක්‌ වීම නිසා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමේ අදහසින් කෙසෙල් පැළ 4 ක්‌ මාර්ගය මැද සිටුවා ඇත. එම සිද්ධිය අරලගංවිල පොලිසියේ නිලධාරියකු දැකීමෙන් පසු එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

මනම්පිටිය මහෙස්‌ත්‍රාත් එස්‌. අසේල ද සිල්වා මහතා විසින් එම තරුණයා ලබන 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Related posts

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

හදුනා නොගත් යාත්‍රාවක්

Admin

සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin