Colombo Today Local News

“අප රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි. මෙහි ඉපදෙන සියලුදෙනා එයට ගරු කල යුතුයි.” මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අප රටේ කොඳු නාරටිය බවට පත්වී තිබෙන බෞද්ධ දර්ශනය අපි සැවොම ආරක්ෂා කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පැවසුහ.

අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථ සිරිපවරකිත්ති දහම් පාසලේ 45 වැනි සංවත්සරය හා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයට ඊයේ (9) සහභාගී වෙමින් ඔහු මෙසේ පැවසූහ.

‘‘නිදහසින් පසු ලංකාවේ පොළව ලේ වලින් පිරිච්ච පොළවක් බවට හැරිලා තියෙනවා. මෙකට හේතුව තමයි දේශපාලන ලෝකය තුළ විනය නැති විමේ ප්‍රශ්නය. දේශපාලනය කරන අය මේකට වගකියන්න ඕනෑ. අපේ දහම්පාසල් දරුවන්ට විනය ගැන කථා කරලා වැඩක් නැහැ. පාසල් දරුවන්ට විනය ගැන කතාකරලා වැඩක් නැහැ. අපේ වැඩිමල් අය අතරත් විනය තියෙන්නට ඕනෑ. මේ ලංකාවේ විනයක් නැහැ. පොඩිම කෙනාගේ සිට ලොකුම කෙනා දක්වා සියලුම නීතිරීති උල්ලංඝනය කරන්න පුරුදු වෙලා තියෙනවා.

විශේෂයෙන්ම දුෂණය නැති තැනක් ලංකාවේ කොහෙවත් නැහැ. කොහේ හරිතැනක වැඩක් කරන්න ගියවිට හැම තිස්සේම කතාකරන වචනයක් තියෙනවා. ඒ ප්‍රසිද්ධ වචනය කොමිස්… කොමිස් ගැහිල්ල කියලා තමයි කියන්නේ.

වැවයි, දාගැබයි, ගමයි පන්සලයි කියන්නේ අපේ රටේ අනන්‍යතාවය. හෙලිකොප්ටරයකින් යද්දි පේන්නේ වැව එක්ක කුඹුරු යායක් තියනවා ඒ එක්කම පන්සලක් තිබෙනවා. දාගැබක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ අනන්‍යතාවය. මාව හමුවෙන්න ආව ඇමරිකානු තානාපතිවරියටත් කිව්වේ මේක සිංහල බෞද්ධ රටක්. ඒක අපිට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.

අපේ ගති පැවතුම් එහෙමයි. අනුරාධපුරය සීගිරිය පොළොන්නරුව දඹදෙණිය තිස්සමහාරාමයට ගියාම අපේ සංස්කෘතියේ තිබෙන බෞද්ධ පසුබිම හොඳටම බලාගන්න පුළුවන් තැන්.

මේ අපේ රටේ උරුමය. මේක අපිට පාවා දෙන්න බැහැ. අමරදේව මහත්තයාගේ සින්දුවක් තිබුණා. සසර වසන තුරු නිවන් දකින තුරු පිං කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා කියලා. මේ රට උරුම කර ගෙන මේ රටට බිහි වුණා නම් මේ රටේ අනන්‍යතාවය අනුව අපි සේරම දෙනා සියලුම ආගම් අදහන අය ඒ අනන්‍යතාවයට ගරු කරන්න ඕන. ඒ ගරු කිරීම තමන්ගේ ආගම අත හැරීමක් නෙවෙයි.” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

colombotoday

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday