එක ප්රතිපත්තියක, එක අරමුණක, එක ඉලක්කයක දේශපාලනය කරපු පිරිසක් මිස එහෙට මෙහෙට පැනපු මිනිස්සු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙම බව කියා සිටියේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවති සර්ව ජන බලයේ ජනාධිපතිවරණ ප්රචාරක රැළිය අමතමිනි.
මේ වන විට ජාතික ජන බලවේගය විසින් පවසා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශය ගැනද සිය පැරණි මිතුරන් සිහිපත් කරමින් වීරවංශ මහතා අදහස් දක්වන ලදී.