Colombo Today Local News

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින්  ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක්  ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය  හා  ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.

මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල්  වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි  ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට  පිහිටි  අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.

ස්තූපයේ උතුරු දිශාවට  වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම්  රහිත සඳකඩ පහණක්  දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ  ශිලා පුවරු, ස්තම්භ  හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ  කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

තවත් ගඩොල්  කොටස්  ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වෙයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.

Related posts

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

සහජීවනය සිරිකොතෙන් දෝරෙ ගලයි.. මුජිබර් රහුමාන් බුද්ධාගමට මහ දවාලේ අපහාස කරයි (Video)

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday