Colombo Today Local News

අන්තවාදී සංවිධාන තහනම් කරන ගැසට් පත්‍රය තවම නිකුත් කර නෑ !!

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem – JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැති බව වාර්තා වේ.

හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 27 වැනිදා නිවේදනය කළේය.

එසේ වුවද එම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට අදාළ නිල ගැසට් නිවේදනය මේ වනතුරු රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත. මේ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිතුත් කිරීමේ සූදානමක් පවතින්නේ දැයි රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් විමසුවද, නිසි පිළිතුරක් ලබාදීමට ඔවුහු අපොහොසත් වූහ. ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් මස 27 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.

අද.lk

Related posts

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

colombotoday

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday