Colombo Today Local News

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙන අන්තවාදී තර්ජන පිළිබඳව පලවීම්වලින් නොමඟ නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

“සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැත. බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැත.” ඔහු පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබාගැනීම තුලින් රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වැඩිදුරටත් අවධාරණය කළේය.ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ රජය විසින් මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

ජාතික ආරක්‍ෂාවද පවත්වා ගනිමින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බවත් මෙහිදී සදහන් කළේය.

“ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සටන් වදිමින් සිටයදී නැවියන් සිය ගණනක් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පීඩාවට පත්ව සිටින අතරතුර දේශීය හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලද නියැලී සිටී. සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පැතිරවීම හා ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම ආරක්‍ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරයි.” ඔහු පැවසීය.

Related posts

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

සුජීව සේනසිංහ මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගෙන ඇත්තේ මැතිවරණයට පසුවයි. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?

colombotoday

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday