Colombo Today Local News

අන්තවාදී ආගමික ප්‍රධානීන් රහස් සාකච්ඡාවක.. සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිළවීමේ සැළසුමක් !

islam raicam 2පසුගියදා වහාබ්වාදී මුස්ලිම් නායකයින් සිය මුලස්ථානයකදී හමු වී සිය ආගමික මතවාදයන් රට තුල ප්‍රවර්ධනය කිරීම පිලිබඳ නව සැලසුම් සාකච්ඡා කලබව අතිශය රහස් ආරංචි මාර්ග පවසයි.

සිය කටයුතු වලට මුලිකව අරමුදල් සැපයු සෞදි අරාබිය ආර්ථික අර්බුදයකට ලක්වීම සහ මැද පෙරදිග තත්වය ඔවුන් දීර්ඝව සාකච්ඡා කර ඇත. ජාත්‍යන්තර වශයෙන් තම ආගමික ව්‍යාපාරයට හිරිහැර තිබුනද රාජපක්ෂ රජය විශේෂයෙන්ම ගෝඨාභයගෙන් බලය ගිලිහීම පමණක් නොව තමන්ට හිතෙෂී මෛත්‍රී රනිල් සුසංයෝගය බලයට පැමිණීම අගය කරමින් සාකච්චාව පැවත ඇති අතර රනිල් මෙන් නොව මෛත්‍රී සිංහල බෞද්ධ ග්‍රාමීය පසුබිමක සිටින නිසා යම් ප්‍රමාණයකින් ප්‍රවේසම් වියයුතු බව අවධාරණය කර ඇත.

මේ රටේ බහුතරයක් මර්මස්ථාන වන කොළඹ නගරය , වෙළඳ අමාත්‍යංශය ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන තමන් සතු බැවින් ඒ තුලින් හැකි උපරිම බලය තහවුරු කර අදාළ නායකයින් ක්‍රියාකළ යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. පොලිස් බුද්ධි අංශ තුලට සිය සාමාජිකයින් ක්‍රමිකව ඇතුල් කිරීමේ වැදගත් කම මෙන්ම ජනපති මෛත්‍රී තම ග්‍රහණයෙන් ගිලිහීමට නොදීම සදහා සියලු පියවර ගත යුතු බවටත් යෝජනා විය. සිය අරමුණු ඉටු වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සිංහල බෞද්ධයා බෙදී ඇති මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු බවත් ඔවුන්ගේ මතය වී ඇත.

කෙසේ වුවද මෙරට තුල ඇති සාම්ප්‍රදායික පල්ලි හා විශේෂයෙන් පල්ලි තුල ඇති ශාන්තුවරයන්ගේ සොහොන් පවත්වා ගෙන යාම නිවැරදි ඉස්ලාම් ආගමට එරෙහි බවත්, කුරාන ඉගැන්වීමට එරෙහි බවත් එය මුස්ලිම් ජාතියට ලජ්ජාවට කරුණක් බවත් මත පලකෙරුණි. එම පල්ලි සමග බෞද්ධයින් ගැටුමට යවා ඔවුන් ලවා මෙම පල්ලි විනාශ කොට එහිදී ඇතිවන අර්බුධ හමුවේ එම පල්ලි වල සාමාජිකයින් තමන්වෙත නබුරුකර ගැනීමට අවශ්‍ය සැලසුම් පිලිබදව එහිදී දීර්ඝව සාකච්චා කල බව එම ආරංචි මාර්ග පවසයි.

(colombotoday.com වෙත මෙම තොරතුරු ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය තහවුරු කිරීම හේතුවෙන් ස්ථාන සහ පුද්ගල නාම සදහන්කල නොහැකිය)

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

මනෝ, හකීම්, පාඨලී සජිත් සමග එක්වෙයි !

colombotoday

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ස්තූතියි- ගෝඨා

colombotoday