Colombo Today Local News

අද රෑ 12 සිට ෆේස්බුක් දේශපාලන දැන්වීම් ඉවතට – ‘සිල්ගත්තා වගේ ඉන්න’ මැකො කියයි

ෆේස්බුක්හි හදුනාගත් දේශපාලන පක්ෂවල අද මධ්‍යම රාත්‍රි 12න් පසුව Sponsored, Paid Advertisement ගිණුම්, පිටු, දැන්වීම් ගණනාවක් ඉවත් කරන ලෙස දැනටමත් දැනුම් දී ඇතැයි මැතිවරණ කොමසාරිස් පවසයි.

‘අපිට නොයෙකුත් ඉල්ලීම් එනවා සමාජ ජාලා අවහිර කරන්න, තහනම් කරන්න කියලා. එවැනි සාකච්ඡාත් යනවා. විදේශ රටවල ඡන්ද විමසීම් දිනවල එවැනි තීරණ ගන්නවා. නමුත් අපි එතැන නැහැ. මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අවහිර කරන්න අපිට ඕනේ නෑ. ඒත් නරකට හැසිරුණොත් අපි මොකද කරන්නේ? මගේ ෆොටෝ එකක් දාලා මෙයාට ඡන්දෙ දෙන්න කියලා පෝස්ට් දාපු එකේ හොද දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. නමුත් මම ඉල්ලා සිටිනවා සමාජ ජාල පරිශීලකයන් දසසිල් බැරිනම් පන්සිල් ආරක්ෂා කරනවා වගේ සමාජ ජාල තුළ හැසිරෙන්න කියලා. මම දැක්කා වීපීඑන් දාගන්න බ්ලොක් කරනවා වගේ දේවල්. මම දැම්මා පට්ටපල් බොරු කියලා. 


හැබැයි අපි දේශපාලන ප්‍රචාරණ වළක්වන්න එක ලේසි නෑ. අපි ෆේස්බුක් එකට කිව්වා ප්‍රචාරණ දැන්වීම් ආදිය අද රූ 12න් පස්සේ (13) ගලවන්න කියලා.’ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Related posts

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

colombotoday

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

නව කතානායක අශෝක රන්වල?

Admin

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

colombotoday