Colombo Today Local News

අති විශේෂ ගැසට් නිවේදනයකින් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආරක්ෂක අමාත්‍යාංශයට අලුතින් විෂයන් සහ කාර්යයන් කිහිපයක් පවරා දෙමින් ජනාධිපති ගො​්ඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන. ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පැවැති මිලෝදා ආයතනයද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

ඊට අමතරව අඩු ආදායම්ලාභී සහ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ජනතාවගේ නිපුණතාවන් ඉහළ නංවා ඔවුන් රට සංවර්ධනය කිරීමේ බහුජන කාර්යයන් සඳහා යොදා ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යයන් යටතට ජනාධිපති ගෝඨාභය විසින් පවරා තිබේ.

එමෙන්ම රසායනික අවි වැඩි දියුණු කිරීම, නිපදවීම, රැස් කිරීම සහ භාවිතා කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

සන්නද්ධ මණ්ඩලවල සාමාජිකයන්ට නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යමය සහාය ලබා දීම, ආධාර ලබාදීම, සන්නද්ධ සේවා සාමාජිකයන් විසින් මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට හා එකී ණය ගෙවීමට ආධාර ලබා දීමද ආරක්ෂක ඇමැතිවරයාගේ විෂය යටතට පවරා ඇත.

පොලිස් නිලධාරීන්ගේ සහ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරින්ගේ වෘත්තීමය දැනුම හා නිපුණතා දියුණු කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා හා සිවිල් නිලධාරීන්ට ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දීමට මේ යටතට අයත්ය.

මීට අමතරව බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික ආරක්ෂාව අපි වෙනුවෙන් අපි අරමුදල, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබේ.

Related posts

මහ මගදී හදවත් රෝගයක් වැළඳුණු අයෙකුගෙන් මුදල් කොල්ලකා පලාගිහින්

colombotoday

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday